අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ මූලික පියවර අධ්‍යාපන පරිපාලන ක්ෂේත්‍රය තුළින් ඉදිරි මාසයේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
ඒ අනුව ඉදිරියේ දී 1-5 පන්ති පැවැත්වෙන පාසල් ප්‍රාථමික පාසල් ලෙසත්, 6-10 ශ්‍රේණි සහිත පාසල් කණිෂ්ඨ ද්විතීයික පාසල් ලෙසත් 10-13 පන්ති සහිත පාසල් ජ්‍යෙෂ්ඨ ද්විතීයික පාසල් ලෙසත් වර්ග කරනු ඇති.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ 2018-2020 අධ්‍යයන වර්ෂයේ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පුහුණුව නිම කළ ඩිප්ලෝමාධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම වෙනුවෙන් පැවැති උත්සවය අමතමින්.
වත්මන් සමාජ අර්බුද සහ සමාජ මාධ්‍ය මූලිකව සිදුවන යම් යම් බලපෑම් හමුවේ දරුවන් සම්බන්ධයෙන් පාසල තුළ වැඩි වගකීම් දැරීමට ගුරුවරුන්ට සිදුවන බවයි අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ.