Saturday, April 27, 2024

General line - 0115112241

පාපන්දු ක්‍රීඩාව ගොඩනගන්න සහය දෙන බවට ජනපතිගෙන් පොරොන්දුවක්




ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ සාමාජිකයන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී සිදුව තිබෙනවා.

කොළඹ තුරඟ තරග පිටියේ පැවති සිව්කොන් පාපන්දු තරගාවලියේ භූතානයට එරෙහි තරගයේදී වසර 11කට පසු විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සමත් වුණා.

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම හමුවූ අවස්ථාවේදී එම ජයග්‍රහණය අගය කළ ජනාධිපතිවරයා ඔවුන්ට සුබපැතුම් පිරිනමා තිබෙනවා.

ලබන වසරේ පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ශූරතා පාපන්දු තරගාවලිය ජයග්‍රහණය කිරීම සඳහා එහිදී පාපන්දු කණ්ඩායම දිරිමත් කළ ජනාධිපතිවරයා පාපන්දු ක්‍රීඩාව සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට අවශ්‍ය සහාය ලබා දෙන බවට ද පොරොන්දු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර්, ජාතික පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඇන්ඩි මොරිසන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව තිබෙනවා.