Sunday, April 28, 2024

General line - 0115112241

පොදු සන්ධානයක ජනාධිපති අපේක්ෂකත්වය භාරගැනීමට සූදානම් - පාඨලී කියයි




වත්මන් අර්බුදවලට විසඳුම් ලබාදී රට ගොඩනැගිය හැකි දේශපාලන සන්ධානයක් බිහි කිරීමට මැදිහත් වන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

ඒ සඳහා  “දේශය වෙනුවෙන් එක්වන පියවරක්” නැමැති වැඩපිළිවල පසුගිය පෙබරවාරි 14වන දා රට හමුවේ ඉදිරිපත් කළ බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

ඊට සමගාමීව නව දේශපාලන සන්ධානයක් සඳහා වූ සාකච්ඡා ආරම්භ වී ඇති බවත් මන්ත්‍රීවරයා කියා සිටියා.

එලෙස ගොඩනැගෙන සන්ධානය මඟින් ජනාධිපතිධූර අපේක්ෂකත්වය භාරගන්නා ලෙස ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත්, එම අභියෝගය භාර ගැනීමට තමන් සුදානම් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක වැඩිදුරටත් පැවසුවේ.


හෝමාගම ප්‍රදේශයේ පැවති ජනහමුවකදී ඉදිරිපත් වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඉහත අදහස් පළ කළා.