පානදුර ජනප්‍රිය මාවත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රන් භාණ්ඩ උකස් මධ්‍යස්ථානයක අද පෙරවරුවේ ගින්නක් හටගෙන තිබෙනවා.
එම උකස් මධ්‍යස්ථානය පිහිටි ගොඩනැගිල්ලේ පළමු මහලේ ගින්න හටගෙන තිබෙන අතර, ගින්නෙන් උකස් මධ්‍යස්ථානයේ දේපළ රැසක්ම විනාශයට පත්ව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
මොරටුව මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකයයට අයත් ගිනි නිවීමේ රථයක් කැඳවා ගින්න පාලනය කර තිබෙනවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිසිය මඟින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.