Monday, April 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා - බංගලාදේශ් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද ආරම්භ වනවා.

චැටොග්‍රෑම්හිදී තරගය ආරම්භ වීමට නියමිතව ඇත්තේ පෙරවරු 9.30ටයි.

එක් වෙනස්කමක් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම අද පිටියට පිවිසෙනවා.

ආබාධයට ලක්වූ කසුන් රාජිත වෙනුවට අසිත ප්‍රනාන්දු අද තරගයට එක් වනවා.

තරගයට ඇති සූදානම පිලිබදව ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා මෙලෙස අදහස් පල කළා.


දෙරට අතර පැවති පලමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 328කින් ජය ගැනීමට   ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.