Monday, April 29, 2024

General line - 0115112241

රන් මහා සටන ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි




කොළඹ  ඩී ඇස් සේනානයක විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර පැවැත්වෙන 18 වන රන් මහා සටන වාර්ෂික ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.

කොළඹ මහානාම විද්‍යාලය  ඊයේ දිනය නිමාවන විට පන්දුවාර 17 ක් අවසානයේ කඩුලු 02 ක් දැවි ලකුණු 94 ක් රැස්කර ගෙන සිටියා. 

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන්  ඩී ඇස් සේනානායක විද්‍යාලය ලකුණු 370ක් රැස් කළා.

නායක ගවිදු සේන්හස් පන්දු 189 කට නොදැවි ලකුනු 200ක් රැස් කළ අතර ඩී ඇස් සේනානායක විද්‍යාලයේ උපනායක මලිත පෙරේරා පන්දු 152 දි ලකුනු 118ක් රැස්කර ගත්තා.

වසර 18ක ඉතිහාසයේ ඩී ඇස් සේනානායක විද්‍යාලයේ පිතිකරුවෙකු ද්විත්ව ශතකයක් රැස් කල පළමු අවස්ථාවද මෙයයි.

පන්දු යැවිමේදි මහානාම විද්‍යාලය වෙනුවෙන් නායක දුවිදු රණතුංග ලකුනු 80කට කඩුලු 02ක් දවාගත් අතර චාමික හීනැටිගල ලකුනු 69කට  කඩුලු 02ක් දවාගත්තා