සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්රිකට් තරගය මේ වන විට චැටොග්රෑම්හිදී ආරම්භ වී තිබෙනවා.
කාසියේ වාසිය දිනූ ශ්රී ලංකා කණ්ඩායම මේ වන විට පන්දුවාර 14ක් අවසානයේ කිසිවෙකුත් නොදැවී ලකුණු 50 ක් රැස්කරගෙන තිබෙනවා.
මේ වන විට නිශාන් මදුසංක ලකුණු 32 සහ දිමුත් කරුණාරත්න ලකුණු 18ක් ලබාගෙන තිබෙනවා.
ආබාධයට ලක්වූ කසුන් රාජිත වෙනුවට අසිත ප්රනාන්දු අද තරඟයට එක්කර ඇති අතර බංග්ලාදේශ කණ්ඩායමේ ශකීබ් අල් හසන් ව සහ හසන් මහමූද් ව කණ්ඩායමට නම්කර තිබෙනවා.