Monday, April 29, 2024

General line - 0115112241

උඩවලව ජාතික වනෝද්‍යානයේ මහා පරිමාණ ගංජා හේනක්




උඩවලව ජාතික වනෝද්‍යානයේ රහසිගතව සිදුකර ගෙන ගිය මහා පරිමාණ ගංජා හේනක් පොලිස් වි‍ශේෂ කාර්ය බලකාය විසින් වටලා තිබෙනවා.

හම්බේගමුව පොලිස් වසමේ උඩවලව ජාතික වනෝද්‍යානයේ රතඹලාගම ප්‍රදේශයේ දී මෙම වැටලීම සිදු කර ඇති අතර එහි දී අක්කර 01 ක පමණ භූමි ප්‍රදේශයක ඉතා රහසිගතව වගා කර තිබු ගංජා ගස් 20,000 ක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වෙන්නේ.

සැකකරුවන් නොමැතිව අත්අඩංගුවට ගත් ගංජා ගස් තොගය  එම ස්ථානයේදීම ගිණි තබා විනාශ කිරීමට කටයුතු කර තිබෙනවා.

 වැඩිදුර විමර්ශන කටයුතු හම්බේගමුව පොලීසිය සිදු කරනු ලබනවා