Monday, April 29, 2024

General line - 0115112241

දමිල සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් ජීවිතක්ෂයට




දමිල සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙකු වූ ඩැනියෙල් බාලාජි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කලේ  හෘදයාබාධ තත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසු ඔහු ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි.

මිය යන විට ඩැනියෙල් බාලාජි 48 හැවිරිදි වියේ පසු වූ බවද විදෙස් මාධ්‍ය පැවසුවා.

ඔහුගේ අභාවය සැලවීමත් සමග ඉන්දීය සිනමාවේ දැවැන්තයන් රැසක් සිය ශෝකය පළ කර තිබෙනවා.  

එමෙන්ම දේහය තැන්පත් කර ඇති පුරසයිවල්කම්හි ඔහුගේ නිවසට බෝහෝ රසිකයින් පැමිණමෙන් සිටින බවද පවසනවා. 

ළමා තීරයෙන් ඉන්දීය සිනමාවට පිවිසි ඔහු මේ වනවිට චිත්‍රපට 40කට අධික ප්‍රමාණයකට සිය රංගනයෙන් දායක වි තිබෙනවා.