Friday, December 20, 2024

General line - 0115112241

අවුරුදු උත්සව ගැන පොලීසියේ විශේෂ අවධානය




මෙවර සංවිධානය කරන අවුරුදු උත්සව සදහා විශේෂ අවධානය යොමු කරන බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ සංස්කෘතියට නුසුදුසු තරඟ පවත්වන අවුරුදු උත්සව නතර කිරීමට කටයුතු කරන බවයි. 


කුඩා ළමුන් සඳහා වන තරඟ සම්බන්ධයෙන්ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අදහස් පළකළා.


මාර්ගවල පැවැත්වෙන තරඟ සංවිධානයේදී වැඩි අවධානයක් යොමුකරන ලෙසට පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව තරඟ සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්ද කළා.