Wednesday, May 1, 2024

General line - 0115112241

වැස්ස නිසා ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මෙහෙයුම්වලට තවදුරටත් බාධා




ලොව දෙවන කාර්යබහුලම ගුවන් තොටුපළ ලෙස සැලකෙන ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මෙහෙයුම් කටයුතු සඳහා තවදුරටත් බාධා එල්ල වී තිබෙනවා.

ඒ, ඇද හැළෙන වර්ෂාපතනයෙන් ඇති වූ බලපෑම තවමත් අවසන් නොවීම හේතුවෙන්.

ඊයේ දිනය තුළ පමණක් අවලංගු වී ඇති ගුවන් ගමන් සංඛ්‍යාව 300කට ආසන්නයි.

තවත් ගුවන් ගමන් 440ක් ප්‍රමාද වී තිබෙනවා.

ඇතැම් ගුවන් මගීන්ට පැය 12කටත් වැඩි කාලයක් ගුවන් තොටුපළේ රැඳී සිටීමටයි සිදුව ඇත්තේ.

මිලියන 80කට වැඩි ගුවන් මගීන්ට පහසුකම් සළසන ඩුබායි ගුවන් තොටුපළ යථා තත්ත්වයට පත් කිරීමට සැළකිය යුතු කාලයක් ගතවනු ඇති බවටයි මේ වන විට ප්‍රකාශ වී ඇත්තේ.

සාමාන්‍යයෙන් ඩුබායි වෙත වසරකට ලැබෙන වර්ෂාපතනය මිලි මීටර් 97ක්.

එය අප්‍රේල් මාසයේදී මිලි මීටර් 08ක් තරම් අවම අගයක් ගන්නවා.

එහෙත් ඩුබායි ආශ්‍රිත ප්‍රදේශයට පැය 24ක් තුළ මිලි මීටර් 254යි දශම 08ක වර්ෂාපතනයක් ඇදහැළී ඇති බව විදෙස් මාධ්‍යයන්හි සඳහන්.