ඇඹිලිපිටිය, අරලගංවිල සහ රිදීගම ප්‍රදේශවල මනුෂ්‍ය ඝාතන 03ක් සිදුව තිබෙනවා.
ඇඹිලිපිටිය, මඩුවන්වෙල ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි වයස අවුරුදු 71ක් වූ පුද්ගලයෙකු ඒ අතර වන බවයි පොලීසිය පැවසුවේ.
තවත් මනුෂ්‍ය ඝාතනයක් සිදුව ඇත්තේ අරගලංවිල, පිඹුරත්තෑව වැවේ මුල්ගල තොටුපළේදීයි.
පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් මුල්ගල යාය 01 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු එලෙස ඝාතනය කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු සහ සැකකාරියෙකු අත්අඩංගුවට ගත් බවයි අරලගංවිල පොලීසිය පැවසුවේ.
අනෙක් ඝාතනය සිදුව ඇත්තේ රිදීගම අම්බාගොඩ ප්‍රදේශයේ පොල් ඉඩමකදීයි.
එම ඝාතනයට සම්බන්ධ රිදීගම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.