ඊශ්‍රායලය විසින් ඉරානයේ ඉස්ෆහාන් නගරයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය පැවසුවේ පසුගිය දින ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාරයට ප්‍රති ප්‍රහාරයක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.
මෙම ප්‍රහාරයෙන් අනතුරුව ඉරානයේ ටෙහෙරාන් සහ ඉස්ෆහාන් ඇතුළු ප්‍රදේශ කිහිපයක් හරහා ගුවන් ගමන් අත්හිටුවා ඇතැයි සඳහන්.
ප්‍රහාරය එල්ල වී ඇති ප්‍රාන්තයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
ප්‍රහාරය සඳහා ඩ්‍රෝන කිහිපයක් සහ මිසයිල කිහිපයක් යොදා ගෙන තිබෙනවා.
කෙසේවෙතත් ඉරාන අභ්‍යවකාශ ඒජන්සියේ ප්‍රකාශකයෙන් පවසන්නේ ප්‍රහාර එල්ල කරන ලද ඩ්‍රෝන යානා කිහිපයක් සාර්ථකව වෙඩි තබා බිම හෙළීමට හැකි වූ බවයි.
ඉරානයට එරෙහිව ඊශ්‍රායලය ප්‍රතිප්‍රහාර එල්ල කිරීමත් සමග ඊශ්‍රායලයේ තානාපති කාර්යාල නිලධාරීන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට එක්සත් ජනපදයෙන් සංචාරක සීමා පවා පනවා තිබෙනවා.
ඊශ්‍රායල ඉරාන අර්බුදය හමුවේ රන් හා බොරතෙල් මිල ඉහළ යා හැකි බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.