Thursday, May 2, 2024

General line - 0115112241

සිරිල් ගාමිණී පියතුමන් CIDයට




ප්‍රකාශයක් ලබා දීම සඳහා සිරිල් ගාමිණී පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබෙනවා.

ඒ, පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා එම දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස සිරිල් ගාමිණී පියතුමන්ට කළ දැනුම්දීමක් මතයි. 

මේ අතර, පාස්කු ඉරු දින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම සඳහා ජාතික ජනබලවේගයේ ප්‍රතිඥාව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන්ට පිළිගැන්වීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය අද ප්‍රතිචාර දැක්වූවා.

ඒ, එම පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර විසින් මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්. 


මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර.