Saturday, May 4, 2024

General line - 0115112241

දියතලාව මෝටර් රථ ධාවන තරඟයක් අතරතුර සිදුවූ අනතුරෙන් පුද්ගලයන් 07 දෙනෙකු ජීවිතක්ෂයට




දියතලාව, “ෆොක්ස්හිල් සුපර්ක්‍රොස්” මෝටර් රථ ධාවන තරඟය අතරතුරදී සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තවත් 20 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසනවා.

ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් ධාවන පතයෙන් ඉවතට පැන සේවයේ යෙදී සිටි පුද්ගලයින් සිව්දෙනෙකුගේ ගැටී පසුව තරඟය නරඹමින් සිටි පුද්ගලයන්ගේද ගැටීම නිසා මෙම අනතුර සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.


මේ අතර ඇල්පිටිය, අවිත්තාව ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු එකම පවුලේ පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

ත්‍රීරෝද රථයක් ලොරි රථයක මුහුණට මුහුණ ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරින් මියගොස් ඇත්තේ 68 හැවිරිදි ත්‍රීරෝද රථ රියදුරු සහ ඔහුගේ 10 හැවිරිදි මුණුබුරා සහ 07 හැවිරිදි මිණිබිරිය බවයි වාර්තා වන්නේ.

ත්‍රීරෝද රථයේ ගමන් ගත් මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ ඔහුගේ 18 හැවිරිදි දියණිය තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථ රියදුරු ඇල්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරනවා.