Saturday, May 4, 2024

General line - 0115112241

අඩු ආදායම්ලාභී සෑම පවුලකටම නොමිලේ සහල් බෙදාදීම අරඹයි




අඩු ආදායම්ලාභී සෑම පවුලක් සඳහාම අප්‍රේල් සහ මැයි මාස දෙක තුළම සහල් කිලෝ 10 බැගින් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඌව පරණගම අඹගස්දෝව මහජන ක්‍රීඩාංගනයේදී අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ සමාරම්භ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15ක ප්‍රතිලාභී පවුල් එක් ලක්ෂ අනූ එක්දහස් පන්සිය හතලිස් අටක් සහල් සහනාධාර ලැබීම සඳහා සුදුසුකම් ලබා තිබෙන බවයි.


එමෙන්ම රටේ ආර්ථිකය මේ වන විට සෙමින් සෙමින් යහපත් තත්ත්වයකට පත්වන බැවින් ඉදිරියේදී ජනතාවට සහන රැසක් ලබාදීමට බලාපොරොත්තු වන බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.


සහල් ප්‍රතිලාභ ජනතාවට ලබාදීම බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීම පිළිබඳ බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාව සතුටට පත්වන බවයි එම අවස්ථාවට එක්වූ රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක පැවසුවේ.


රටේ ආර්ථික අර්බුධය ගොඩගැනීමට ඉදිරියටත් ජනාධිපතිවරයා සමඟ එක්වී කටයුතු කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක වඩිවේල් සුරේෂ් එම අවස්ථාවට එක්වෙමින් කියා සිටියේ.