Saturday, May 4, 2024

General line - 0115112241

දින 02ක් තුළ යුධ හමුදා සාමාජිකයින් 900ක් සේවයෙන් ඉවත් වෙන්න ඉල්ලයි




නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින 900කට අධික හමුදා සාමාජිකයින් පිරිසක් සේවයෙන් ඉවත්වීම සඳහා දින දෙකක් ඇතුළත භාර වී ඇතැයි යුද හමුදාව පවසනවා.

ඒ අනුව ඔවුන් නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් කිරීමේ කටයුතු සිදු කරමින් පවතින බවයි යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් රසික කුමාර නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ.


විනය ක්‍රියාමාර්ගවලට ලක්ව සිටින සහ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින්ට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීමට හැකි වන්නේ අදාළ විමර්ශන කටයුතු අවසන් වීමෙන් අනතුරුව බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 


නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින සාමාජිකයන් සඳහා යුධ හමුදාව විසින් පසුගිය 20වනදා සිට මසක පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව පසුගිය අප්‍රේල් මස 02 දින සහ ඊට පෙර සිට නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකළ නිලධාරි හා සෙසුනිලයින් අදාළ ලිපි ලේඛන සමගින් තමන් අයත් රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පමණක් වාර්තා කළ යුතු බවයි යුධ හමුදාව නිවේදනය කළේ. 


මේ අතර  පසුගිය වසර 05ක කාලය තුළ සේවයට වාර්තා කර නොමැති යුද හමුදා සාමාජිකයින් ගණන 25,000කට ආසන්න වන බවයි වාර්තා වන්නේ.