විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි රංගන ශිලිපිනි දමිතා අබේරත්න සහ ඇගේ සැමියා අද ඇප මත මුදා හැරුණා.
ඒ අනුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ එක් අයෙකුට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවුන්ව මුදාහරින ලෙසයි.
මේ අතර, ෆොක්ස්හිල් අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ධාවන ශූරයන් දෙදෙනාට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද ඇප ලබා දුන්නා.
ඔවුන් දෙදෙනා මේ වනවිටත් දියතලාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී නීතිඥවරුන් විසින් මෝසමක් ඉදිරිපත් කර ඇප ලබා ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.
ඉකුත් දා සිදු වූ ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලි අනතුරේදී පුද්ගලයින් හත් දෙනකු ජීවිතක්ෂයට පත් වුණා.