Saturday, May 4, 2024

General line - 0115112241

රුසියාවට අනතුරක් - අමෙරිකානු සුපිරි මිසයිල රහසේම යුක්‍රේනයට




රුසියානු - යුක්‍රේන යුධ උණුසුම තීව්‍ර කරන පුවතක් අමෙරිකාව මේ වන විට අනාවරණ කර තිබෙනවා.

අමෙරිකාව පවසා ඇත්තේ තම රට සතු දිගු දුර බැලස්ටික් මිසයිල තමන් රහසිගතව යුක්‍රේනයට ලබා දුන් බවයි. 

මීට අමතරව යුක්‍රේනයට අමෙරිකානු ඩොලර් මිලියන 300ක යුධ ආධාරද අමෙරිකාව විසින් ලබා දී ඇති බවටයි මේ වන විට අනාවරණ වී ඇත්තේ.

ඒ අතරට අයත් වූ මෙම දිගු දුර බැලස්ටික් මිසයිල මේ වන විටද යුක්‍රේනයට ලබා දී ඇති බවත් ඒවා යුක්‍රේනය විසින් රුසියාවට එරෙහිව භාවිත කරන බවත් අමෙරිකාව පවසා තිබෙනවා.

එහි පළමු ප්‍රහාරය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත එල්ල කර ඇති බවයි අමෙරිකාව දැන් අනාවරණ කර ඇත්තේ. 

මෙම එක් දිගු දුර බැලස්ටික් මිසයිලයක් කිලෝ මීටර් 300ක් දුර ඉලක්කයකට එල්ල කළ හැකි බවද සඳහන්. මෙවන් පසුබිමක අමෙරිකාව විසින් තවත් ඩොලර් බිලියන 61ක ආධාර පැකේජයක්ද යුක්‍රේනයට ලබා දීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය පවසනවා.