Saturday, May 4, 2024

General line - 0115112241

ලොව වේගවත්ම ධාවකයා උසේන් බෝල්ට් T 20 ලෝක කුසලානයට




ලොව වේගවත්ම ධාවකයා වන සුපිරි කෙටි දුර ධාවන ශූර උසේන් බොල්ට් එළඹෙන පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සන්නාම තානාපති ලෙස නම් කර තිබෙනවා.

ඒ, එළඹෙන පන්දු වාර 20 ලෝක කුසලානය, අමෙරිකාව සහ කැරිබියන් දූපත් සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබීම හේතුවෙන්.

පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලානය, ජූනි 01 වනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ඒ, අමෙරිකාව සහ කැරිබියන් දූපත් ආශ්‍රිතවයි. 

උසේන් බෝල්ට් පවසන්නේ 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට, ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීම සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී මෙවර පන්දු වාර 20 ලෝක කුසලානය තීරණාත්මක සාධකයක් වනු ඇති බවයි. 

සුපිරි කෙටි දුර ධාවන ශූර උසේන් බොල්ට් සිය ක්‍රීඩා දිවිය ආරම්භ කරන්නේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙසයි. පසුව ඔහුගේ පුහුණුකරු ඔහුව කෙටි දුර ධාවනය සඳහා යොමු කරනවා. 

මේ වන විට 37 හැවිරිදි වියේ පසුවන උසේන් බෝල්ට්, ඔලිම්පික් රන් පදක්කම් 08 ක් දිනූ සුපිරි ක්‍රීඩකයෙක්. ඔහු නියෝජනය කරන්නේද කැරිබියන් දූපත්.