Sunday, May 5, 2024

General line - 0115112241

ලෝක කුසලාන පළමු කඩඉමේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගෙන් තායිලන්තයට ලකුණු 123ක ඉලක්කයක්




ලෝක කුසලාන කාන්තා 20යි 20 ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරඟය මේ වනවිට පැවැත්වෙනවා.

ඒ, තායිලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟයි.

මෙම තරඟයේ කාසිය වාසිය හිමිකරගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 05ක් දැවී ලකුණු 122ක් රැස්කළා.

නිලක්ෂිද සිල්වා පන්දු 20කදී නොදැවී ලකුණු 29යි.

හසිනි පෙරේරා පන්දු 32කදී ලකුණු 29ක් රැස්කළා. නායක චමරි අතපත්තු ලකුණු 16ක් ලබා සිටියදී දුවද්දී දැවී යාමකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා ලකුණු පුවරුව අඩාල වුණා.

ලකුණු 123ක ඉලක්කයක් හඹායන තායිලන්ත කණ්ඩායම පන්දුවාර 13ක් අවසානයේ කඩුළු 05ක් දැවී ලකුණු 44ක් රැස්කරගෙන සිටිනවා.