Thursday, May 9, 2024

General line - 0115112241

පොලිස් නිලධාරින්ගේ විනය පරීක්ෂණ ප්‍රමාදවීම සම්බන්ධයෙන් කමිටු වාර්තාව පොලිස්පති වෙත




පොලිස් නිලධාරින්ගේ විනය පරීක්ෂණ ප්‍රමාදවීම සම්බන්ධයෙන් විසදුම් සහ නිර්දේශ ඉදිරිපත් කරමින් සකස් කරන ලද කමිටු වාර්තාව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත භාර දී තිබෙනවා.

පොලිස් නිලධාරීන්ට එරෙහි විනය කාර්ය පටිපාටියට අදාළ පරීක්ෂණ සඳහා දීර්ඝ කාලයක් ගතවීම නිසා නිලධාරීන්ගේ වැටුප් වර්ධක, දීමනා, සහ උසස් වීම් ප්‍රමාද වීම වැනි පරිපාලන ගැටළු සම්බන්ධයෙන් සොයා බලා ඊට අදාළ විසඳුම් යෝජනා කිරීම සඳහා නැගෙනහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණගේ ප්‍රධානත්වයෙන්  කමිටුවක් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්  විසින් පත්කර තිබුණා.

එම නිර්දේශයන් ඉතා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) නිලන්ත ජයවර්ධන  සහ කමිටු සාමාජිකයින් ද සහභාගී වී තිබෙනවා.