Friday, May 10, 2024

General line - 0115112241

අයි පී එල් තරඟාවලි සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එක්වීම ගැන මහේල කතා කරයි




ක්‍රීඩකයන්ගේ කුසලතාවයන් වර්ධනය කර ගැනීමට අයි පී එල් වැනි ක්‍රිකට් තරඟාවලි රුකුලක් වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු උපදේශක මහේල ජයවර්ධන පවසනවා.

ක්‍රීඩකයින්ට එම තරඟාවලිවලට සහභාගී වීමෙන් අත්දැකීම් ලබාගත හැකි බවයි කොළඹ පැවැති මහේල - සංගා අභියෝගතා කුසලාන ක්‍රිකට් තරඟයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ඔහු කියා සිටියේ.   


ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු වැනි දක්ෂ ක්‍රීඩිකාවන් තවත් බිහිකළ යුතු බවද මහේල ජයවර්ධන වැඩිදුරටත් කියා සිටියා.


මේ අතර ත්‍රිත්ව කණ්ඩායම පරදා මහේල - සංගා අභියෝගතා කුසලාන ක්‍රිකට් තරඟය ජය ගැනීමට කොළඹ ආනන්ද විද්‍යාලය සමත් වුණා.

කොළඹ ආනන්ද විද්‍යාලයීය 88 ආදි ශිෂ්‍ය කණ්ඩායම හතරවන වරටත් මෙම තරඟය සංවිධානය කර තිබුණා.