Friday, May 10, 2024

General line - 0115112241

ඉරාකයේ ජනප්‍රිය ටික් ටොක් තරුවක් ඝාතනය කෙරේ




ඉරාකයේ ටික් ටොක් සමාජ මාධ්‍ය තුළ ප්‍රසිද්ධ කාන්තාවක් වන ඕම් ෆහාඩ් නැමැති කාන්තාව ඝාතනය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇය ඝාතනය කර ඇති බවයි.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු ෆහාඩ්ට වෙඩි තබා පළාගොස් ඇති බවයි එරට පොලිසිය පවසන්නේ. සැකකරු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ මෙහෙයුම්ද ආරම්භ කර තිබෙනවා.

ටික් ටොක් සමාජ මාධ්‍ය හරහා විනීතභාවය සහ සදාචාරයට පටහැනි ආකාරයේ වීඩියෝ පට හුවමාරු කිරීම හේතුවෙන් ඕම් ෆහාඩ්ට මීට පෙර එරට අධිකරණය විසින් මාස 06ක සිර දඬුවම්ද නියමකර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පැවසුවේ.