දියතලාව, නරියාකන්ද ‘ෆොක්ස්හිල්’ සුපර්කෝස් මෝටර් රථ ධාවන තරඟය අතරවාරයේ සිදු වූ බිහිසුණු අනතුරින් බරපතල තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 16 හැවිරිදි දැරියක් බවයි දියතලාව පොලීසිය පවසන්නේ.
ඩබ්ලිව් පී තත්සරණි චාමින්දි නම් ඇය හෙළගෙදර, ගල්ඒදණ්ඩ වැලිමඩ ප්‍රදේශයේ පදිංචිකාරියක්.
ෆොක්ස්හිල් තරඟය අතරතුරදී සිදු වූ අනතුරින් බරපතළ තුවාල ලැබූ දැරිය දින 24ක් බදුල්ල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියා.
ඒ අනුව, ඉකුත් අප්‍රේල් 21 වෙනි දින පැවති මෙම තරඟය අතරතුර සිදු වූ අනතුරෙන් මියගිය සංඛ්‍යාව 08ක් දක්වා ඉහළ ගිය අතර අනතුරින් තවත් 20දෙනෙක් තුවාල ලැබූවා.