Friday, November 1, 2024

General line - 0115112241

විජයදාසට එරෙහිව ගොනු කළ වාරණ නියෝගය අධිකරණය ප්‍රතික්ෂේප කරයි




ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂත්, වැඩ බලන ලේකම්වරයා ලෙස කීර්ති උඩවත්තත් පත් කර ගැනීමට ගනු ලැබූ තීරණය මත එම පක්ෂය, එහි සංවිධාන හා නිලධාරීන් ක්‍රියා කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය අද ප්‍රතික්ෂේප කර තිබෙනවා.

කෙසේවෙතත් පැමිණිලිකරුට මෙම පැමිණිල්ල සංශෝධනය කර යළි අදාළ වාරණ නියෝගය සඳහා කරුණු තහවුරු කිරීමට අවස්ථාව තිබෙන බවයි විනිසුරු සඳුන් විතාන එහිදී ප්‍රකාශ කර ඇත්තේ. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහ ලේකම් දුමින්ද දිසානායක විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.