Sunday, June 16, 2024

General line - 0115112241

මිත්‍යාවෙන් ඈත්වී ජනතාව විද්‍යාව දෙසට යමින් ඇතැයි ජනපති කියයි




විද්‍යාව සහ තාක්ෂණය සමඟ වේගයෙන් ඉදිරියට යන ලෝකයට මුහුණදීමට සිදුවන ගැටළු සඳහා ථේරවාද බුදු දහම තුළ විසඳුම් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ, 2024 රාජ්‍ය වෙසක් උත්සවය විද්‍යුත් තාක්ෂණය ඔස්සේ අමතමින්.

එබැවින් ථේරවාද බුදු දහමේ නියම හරය ආරක්ෂා කර ගනිමින් එය ලෝකය වෙත ගෙන යාමට කටයුතු කළයුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

මාතලේ ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානයේ පැවති රාජ්‍ය වෙසක් උත්සවයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගිවීමට නියමිතව තිබුණද, අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් ජනාධිපතිවරයා ඊට සහභාගි නොවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.