Saturday, June 29, 2024

General line - 0115112241

කරන්නාගොඩගේ පෙත්සමක් විභාග කිරීමට අභියාචනාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

උදය කුමාර




හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ විසින් ගොනුකර තිබෙන පෙත්සමක් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කර තිබෙනවා.

2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ගොනු කර තිබූ නඩුවක් අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු නාවික හමුදාපතිවරයා මෙම පෙත්සම ගොනු කර තිබුණා.

ඒ අනුව අදාළ පෙත්සම සෝභිත රාජකරුණා, මේනකා විජේසුන්දර, සම්පත් අබේකෝන්, මායාදුන්නේ කොරයා සහ චමත් මොරායස් යන පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමටයි අභියාචනාධිකරණය තීරණය කර ඇත්තේ.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එම තීරණය ගෙන තිබෙනවා.

ඒ අනුව අදාළ නඩුව සැප්තැම්බර් මස 25 වන දා විභාගයට ගැනීමටද විනිසුරුවරයා විසින් එහිදී දින නියම කළා.