Sunday, June 16, 2024

General line - 0115112241

කරාපිටිය ශික්ෂණ රෝහල මෙරට තෙවන ජාතික රෝහල ලෙස පත්කිරීමට කැබිනට් අනුමැතිය




කරාපිටිය ශික්ෂණ රෝහල මෙරට තෙවැනි ජාතික රෝහල බවට පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ලංකාවේ සංවර්ධිත ජාතික රෝහල් ලෙස මෙරට පවතින්නේ කොළඹ ජාතික රෝහල සහ මහනුවර ජාතික රෝහල පමණි.

එබැවින් කරාපිටිය ශික්ෂණ රෝහල ජාතික රෝහලක් ලෙස සංවර්ධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

කරාපිටිය රෝහලේ සෞඛ්‍ය කේෂ්ත්‍රයේ වෛද්‍යවරු, හෙද හෙදියන් ආදිය පුහුණුකිරීමේ කටයුතුවලට මේ වන විටත් වැඩි දායකත්වයක් ලබා දෙනවා.

එසේම රුහුණු විශ්වවිද්‍යාලයේ සායනික පුහුණුව ලබාදෙන රෝහල ලෙස කරාපිටිය රෝහල වසරකට 1,000කට වඩා වෛද්‍ය සිසුන් ප්‍රමාණයකට පුහුණුවීම් ලබා දී තිබෙනවා.

මේ අතර පොතුවිල් මුලික රෝහල මධ්‍යම රජයට පවරාගෙන වෛද්‍ය සංචාරක ව්‍යාපාරය සඳහා සංවර්ධනය කිරීමටයි අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ.