තායිවාන සමුද්‍ර සන්ධියේ සහ තායිවානය අවට චීන හමුදාව සිදු කළ හමුදා අභ්‍යාසය සම්බන්ධයෙන් අමෙරිකාව ප්‍රතිචාර දක්වා තිබෙනවා.
ඒ අනුව අමෙරිකාව පවසන්නේ චීනයේ ක්‍රියාකලාපය හමුවේ දැඩි කනස්සල්ලට පත්ව සිටින බවයි.
ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිල ප්‍රකාශක මැතිව් මිලර් චීනයෙන් ඉල්ලා සිටියේ සංයමයෙන් ක්‍රියා කරන ලෙසයි.
නිවේදනයක් නිකුත් කරමින් මැතිව් මිලර් ප්‍රකාශ කළේ, "තායිවාන් සමුද්‍ර සන්ධියේ සහ තායිවානය අවට මහජන විමුක්ති හමුදාවේ ඒකාබද්ධ හමුදා අභ්‍යාස පිළිබඳව එක්සත් ජනපදය දැඩි කනස්සල්ලට පත්ව සිටී. අපි චීන හමුදාවේ ක්‍රියාකාරකම් සමීපව නිරීක්ෂණය කරමින් සිටිනවා. අපගේ ප්‍රතික්‍රියා සම්බන්ධයෙන් මිත්‍ර පාක්ෂිකයින් සහ හවුල්කරුවන් සමඟ සම්බන්ධීකරණය කරමින් සිටිමු." යනුවෙනි.
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මෙම ප්‍රකාශය පැමිණෙන්නේ චීනය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා (මැයි 23-24) ගොඩබිම, මුහුද, ගුවන් සහ රොකට් හමුදාවන් සම්බන්ධ කර ගනිමින් දින දෙකක යුධ අභ්‍යාස දියත් කිරීමෙන් පසුව බව තායිවාන පුවත් වාර්තා කර තිබෙනවා.
මැයි 20 වැනිදා තායිවානයේ ජනාධිපති ලෙස Lai Ching-te දිවුරුම් දීමෙන් දින කිහිපයකට පසුව චීනය මෙම අභ්‍යාසය දියත් කරනු ලැබුවා