Monday, June 24, 2024

General line - 0115112241

ලිංගික දර්ශන අන්තර්ජාලයට යොමු කළ තරුණ අඹුසැමි ජෝඩු දෙකක් අත්අඩංගුවට 

බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ 




ලිංගික දර්ශන සජීවීව  අන්තර්ජාලයට යොමු කර  මහා පරිමාණයෙන් මුදල් ඉපයීමේ ජාවාරමක නිරත වූ තරුණ අඹුසැමි ජෝඩු දෙකක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ  පිළියන්දල පොලිසියට  ලද තොරතුරක් අනුව සිදු කල වැටලීමකදීයි.

සිදු කරන ලද වැඩි දුර විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ අත්අඩංගුවට ගත් එක් තරුණු යුවළක් පමණක් අයිස් මත්ද්‍රව්‍ය සහ ගංජා මිශ්‍රිත මදන මෝදක ගුලි. භාවිත කරන බවයි 

මේ පිළිබඳව පිළියන්දල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.