Friday, June 28, 2024

General line - 0115112241

ජොන්ස්ටන්ට එරෙහි නඩුවක් ඔක්තෝම්බර් 14 දක්වා කල් තැබේ

උදය කුමාර




හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු, ස.තො.ස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නඩුවක් ඔක්තෝබර් මස 14 වනදා දක්වා කල් තැබුණා.

ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙළෙඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ස.තො.ස ආයතනයේ සේවකයින් පිරිසක් ඔවුන්ගේ නීත්‍යනුකූල රාජකාරීවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනාවට අදාළ නඩුව අද විභාග කෙරුණා.

අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකරුවන්ට එරෙහිව මෙම චෝදනා කියවාදීම සිදුකෙරුණා.

එම චෝදනාවලට තමන් නිවැරදිකරුවන් බව ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

ඒ අනුව එම නඩුව ඔක්තෝබර් මස 14 වනදා දක්වා කල් තැබුණා.