Saturday, September 28, 2024

General line - 0115112241

දඹුල්ල කණ්ඩායමේ හිමිකාරීත්වය අහිමි කිරීමට එරෙහිව ගොනුකර තිබෙන නඩුව සංශෝධනය කිරීමට අවසර

උදය කුමාර




ඉදිරියේදී පැවැත්වීමට නියමිත එල්.පී.එල්. තරඟාවලියේදී දඹුල්ල තණ්ඩර්ස් කණ්ඩායමේ හිමිකාරිත්වය අවලංගු කිරීමේ තීරණයට එරෙහිව ගොනු කළ පැමිණිල්ලක් සංශෝධනය කර යළි ඉදිරිපත් කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද නියෝග කළා.

දඹුල්ල තණ්ඩර්ස් කණ්ඩායමේ හිමිකාරිත්වය දැරූ ඉම්පීරියල් ස්පෝට්ස් ගෲප් සමාගම විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

මෙම පැමිණිල්ල අද කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථවේදී එම නියෝගය නිකුත් කෙරුණා.