Monday, June 24, 2024

General line - 0115112241

මියන්මාරයේ සයිබර් අපරාධ කලාපයේ සිටින ලාංකිකයින් බේරා ගැනීමේ සාකච්ඡා අරඹයි




මියන්මාරයේ සයිබර් අපරාධ කලාපයේ බලහත්කාරයෙන් රඳවාගෙන සිටින ශ්‍රී ලාංකිකයින් පිරිස මුදවාගැනීම සඳහා සාර්ථක සාකච්ඡා වට කිහිපයක් මේ වන විටත් අවසන් කර තිබෙන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය පවසනවා.

ඔහු පැවසුවේ කඩිනමින් එම ලාංකිකයින් පිරිස මෙරටට ගෙන්වීමට කටයුතු කරන බවයි.  


එම ප්‍රදේශවල සිටින ඇතැම් ලාංකිකයින් එහි සිය කැමැත්තෙන් රැඳී සිටින බවයි විදේශ කටයුතු අමාත්‍ය අලි සබි්‍ර සඳහන් කළේ.