Wednesday, June 26, 2024

General line - 0115112241

උරුමය වැඩසටහන යටතේ මන්නාරම දිස්ත්‍රික්කයේ ජනතාවට ජනපතිගෙන් ඉඩම් ඔප්පු 5,000ක්




ජනතාවගේ ඉඩම් අයිතිය සුරක්ෂිත කරමින් ඔවුන්ගේ දේපළ වටිනාකම වැඩි කිරීමට ”උරුමය” වැඩසටහන මඟින් හැකිවූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

කොරෝනා වසංගතය මෙන්ම ආර්ථික අර්බුදය නිසා පහළ ගිය දේපල වටිනාකම මෙම වැඩපිළිවෙල නිසා නැවත ඉහළ ගොස් ඇති බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ.


සින්නක්කර ඔප්පු ලබාදීමේ වැඩපිළිවෙල නිසි ක්‍රමවේදයක් හරහා ක්‍රියාත්මක කරන බවත් යම් ගැටලුවක් ඇත්නම් ප්‍රාදේශීය මට්ටමේ නිලධාරින් හමුවී ඒ පිළිබඳ දැනුවත් කරන ලෙසයි ජනාධිපතිවරයා ජනතාවට ඉල්ලා සිටියේ.

සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ මන්නාරම දිස්ත්‍රික් ජනතාවට ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.