Wednesday, June 26, 2024

General line - 0115112241

ඇන්ජලෝ මැතීව්ස් ශ්‍රී ලාංකික ජනතාවගෙන් සමාව ඉල්ලයි




2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී රටේ බලාපොරොත්තු විනාශ වූ බවත් ඒ වෙනුවෙන් සිය කණගාටුව ප්‍රකාශ කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක ඇන්ජලෝ මැතීව්ස් පවසනවා.

පිතිකරුවන් වශයෙන් තරගාවලිය පුරාවටම අසාර්ථක වූ බවත් ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු වූ දෙය කණ්ඩායමෙන් සිදු නොවූ බවත් ඒ වෙනුවෙන් තමන් ජනතාවගෙන් සමාව ඉල්ලන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇන්ජලෝ මැතීව්ස් ප්‍රකාශ කළේ.


ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පුරාවටම ප්‍රේක්ෂකයන් ලබාදුන් දිරි ගැන්වීම්වලට ද ඇන්ජලෝ මැතීව්ස් එහිදී සිය ස්තූතිය පළකළා.