Wednesday, June 26, 2024

General line - 0115112241

ජාතික ජන බලවේගයට එන අර්බුදයක් ගැන රෝහිතගෙන් අනාවරණයක්




රටේ ආර්ථික තත්ත්වයන් සහ දේශපාලන තත්ත්වයන් පිළිබඳ දේශපාලන වේදිකාවල මේ දිනවල විවිධ අදහස් පළවනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නම භාවිතා කරමින් කිසිදු වෙන් පාර්ශවයකට රැස්වීම් කැඳවීමට ව්‍යවස්ථානුකූල අයිතියක් නොමැති බවයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.


ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර ඉදිරියේදී දේශපාලන ගැටුම් ඇතිවීමේ හැකියාවක් පවතින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා.

ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ඇතැම් අවස්ථාවලදී තම පක්ෂයෙන් ඉවත් වුන ද ඔවුන් සියලුදෙනා මේ වනවිටත් සුහදව කතා කරන බවයි. 


ජාතික ජනබලවේගයේ විධායක සභික කේ. ඩී. ලාල් කාන්ත ජන හමුවක් අමතමින් සඳහන් කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අරමුණ පවුල්වාදී දේශපාලනයකට රට නැවතත් ගෙනයාම බවයි.