පොසොන් පොහොය නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවා අද සිට ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තු පවසනවා.
එහි නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී, ගමනාගමන එන් ජේ ඉඳිපොළගේ පැවසුවේ අනුරාධපුර සහ පොළොන්නරුව දක්වා එලෙස දුම්රිය ධාවනය කරන බවයි.
පොසොන් පොහොය වෙනුවෙන් සැදැහැවතුන් වැඩි වශයෙන් පැමිණෙන වෙහෙර විහාරස්ථාන ඉලක්ක කර ගනිමින් විශේෂ බස් රථ සේවාද ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මෙහෙයුම් පණ්ඩුක ස්වර්ණහංස පැවසුවා.
මේ අතර දිවයිනේ හොඳම දුම්රිය ස්ථානය ලෙස ඇල්ල දුම්රිය ස්ථානය තේරී පත් වීමට සමගාමීව විශේෂ පොසොන් බැති ගී ප්‍රසංගයක් හෙට පැවැත්වෙනවා.
දෙමෝදර සහ බණ්ඩාරවෙළ දුම්රිය ස්ථාන අතර සංචාරකයන් සඳහා වෙන්වූ ‘කැලිප්සෝ’ දුම්රිය තුළදී එම බැති ගී ප්‍රසංගය පැවැත්වෙන බවයි ඇල්ල දුම්රිය ස්ථානාධිපති අශේන් ද දිසානායක නෙත් නිවුස් වෙත කියා සිටියා.
මේ අතර ඌව පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යංශ, පළාත් සභා මාධ්‍ය කාර්යංශය සහ මගී ප්‍රවාහන සේවා අධිකාරිය එක්ව සිව්වන වරටත් සංවිධාන කරන තෝසේ දන්සල පොසොන් පොහොය දින දා පැවැත්වෙනවා.
ඒ, එදින පෙරවරු 11 සිට පස්වරු 04 දක්වායි.
ඌව පළාත් සභා රාජ්‍ය නිලධාරීන්ගේ බැති ගී සරණියද එදින පස්වරු පළාත් සභා පරිශ්‍රය ඉදිරිපිටදී පැවැත්වෙන බවයි ඌව පළාත් අධ්‍යාපන අමාත්‍ය ගාමිණී මහින්දපාල පැවසුවේ.