Sunday, September 8, 2024

General line - 0115112241

වනිඳු, යළි පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ අංක එකට




පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ අංක එකේ ස්ථානයට යළි පැමිණීමට ශ්‍රී ලංකා නායක වනිඳු හසරංග සමත් වී තිබෙනවා.

ඒ, ජාත්‍යන්තර ක්‍රීකට් කවුන්සිලය ප්‍රකාශයට පත් කළ නවතම ශ්‍රේණිගත කිරීමේ සටහනේ එක් ස්ථානයක් ඉදිරියට පැමිණෙමින්.

පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ අංක තුනේ ස්ථානයේ වනිඳු හසරංග තවදුරටත් පසුවනවා. මහීෂ් තීක්ෂණ එක් ස්ථානයක් ඉදිරියට පැමිණෙමින් පසුවන්නේ අංක 09 ස්ථානයේයි. 

පසුගිය දෙසාම්බර් මාසයේ සිට පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ ලොව අංක එකේ පිතිකරු ලෙස සිටි ඉන්දියාවේ සූර්යකුමාර් යාදෙව්ට නවතම ශ්‍රේණිගත කිරීමේදී එම ස්ථානය අහිමි වී තිබෙනවා.

ඒ, ඕස්ටේ්‍රලියාවේ ට්‍රැවිස් හෙඩ් ස්ථාන 04ක් ඉදිරියට පැමිණෙමින් පළමු ස්ථානයට පැමිණීමත් සමගයි.  

මේ අතර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ දකුණු අප්‍රිකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පළමු අවසන් පූර්ව තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට අලුයම 06ට ආරම්භ වීමට නියමිතයි.