කාර්තිව් පොලිස් වසමේ නින්දවූර් සිට සමන්තුරේ දෙසට ධාවනය වූ පිරිමි ළමුන් 11 දෙනෙකු රැගත් ට්රැක්ටරයක් ගංවතුරට හසුවී තිබෙනවා.
පොලීසිය පැවසුවේ එය කාර්තිව් බස් නැවතුම්පොළ ආසන්නයේ පිහිටි පාලම අසලින් පෙරළීගොස් ඇති බවයි.
නින්දවූර් මද්රසා පාසලේ සිට නිවස බලා යමින් සිටියදී ඔවුන් මෙම අනතුරට ලක්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.
අනතුරින් ළමුන් 06 දෙනෙකු ට්රැක්ටර් රථයේ රියදුරු සහ ඔහු සමග ගමන් කළ තවත් පුද්ගලයෙකු ගංවතුරට ගසාගෙන ගොස් තිබුණා.
අනතුරට ලක්වූ ළමුන් 05 දෙනෙකුගේ දිවි බේරා ගැනීමට සමත් වී ඇති බවයි පොලීසිය පැවසුවේ.
එහෙත් ළමුන් 06 දෙනෙකු ඇතුළු තවත් තිදෙනෙකු තවදුරටත් අතුරුදන්ව තිබෙනවා. අතුරුදන් වූවන් සොයා මෙහෙයුම් තවදුරටත් ක්රියාත්මකයි.