Tuesday, July 2, 2024

General line - 0115112241

මවගෙන් අතරමංව සිටි හදුන් දිවි පැටවෙකු වනජිවි භාරයට

  හැටන් රංජිත් රාජපක්ෂ   




මවගෙන් අතරමංව සිටි හදුන් දිවි පැටවෙකු වතු කම්කරුවන් පිරිසක් විසින් නුවරඑලිය වනජිවි කාර්යාලයේ නිලධාරින් වෙත භාර දි තිබෙනවා.

තලවකැලේ වැවිලි සමාගමට අයත් සෙන් ක්ලෙයාර් ස්ටාර්ලින් වත්තේ වතු නිවසක් ඉදිරිපිට තිබු වැලි ගොඩක් මත හදුන් දිවි පැටවා සිටියදි වතු කම්කරුවන් ඒ බැව් දැක හදුන් දිවි පැටවා සුරක්ෂිතව රැගෙන ගොස් කුඩුවක රදවා ඒ පිලිබදව තලවකැලේ පොලිසිය වෙත දැනුම් දි ඇත.
 
පසුව පොලිස් බාරයට පත්වූ මෙම හදුන් දිවි පැටවා නුවරඑලිය වනජිවි කාර්යාලයේ නිලධාරින් වෙත භාර දිමට පියවර ගන්නා බව තලවකැලේ පොලිසිය පැවසිය.පවසා සිටියේ.