Wednesday, July 3, 2024

General line - 0115112241

ගොඩබිමට රැගෙන ආ ඩෙවෝන් 5 යාත්‍රාවේ ධීවරයා රෝහල් ගත කෙරේ




“ඩෙවෝන් 5” බහුදින ධීවර යාත්‍රාවේ අසාධ්‍යව සිටි ධීවරයා විජයබාහු නෞකාව මඟින් හම්බන්තොට වරාය වෙත රැගෙන විත් තිබෙනවා.

ඉන්අනතුරුව එම ධීවරයා කඩිනමින් හම්බන්තොට මහ රෝහල වෙත ඇතුලත් කළ බවයි නාවික හමුදාව පැවසුවේ.

කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් “ඩෙවෝන් 5” බහුදින ධීවර යාත්‍රාවේ අසාධ්‍ය තත්වයේ තත්ත්වයේ පසු වූ ධීවරයින් දෙදෙනෙක් සින්ගප්පූරු වෙළඳ නෞකාවක් මඟින් මුදවා ගැනුනා.

එම ධීවරයින් දෙදෙනාගෙන් එක් අයෙකු ද ඉන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි නාවික හමුදාව පැවසුවේ.

අසාධ්‍ය තත්වයේ පසු වූ අනෙක් ධීවරයා ගොඩබිමට රැගෙන ඒම සඳහා විජයබාහු නෞකාව පිටත් කර හැරියා.

ඒ, නාවික හමුදා වෛද්‍ය කණ්ඩායමක් ද සමඟින්.

ඩෙවෝන් 5 ධීවර යාත්‍රාව ධීවරයන් 06 දෙනෙකු සමඟින් පසුගිය 06 වනදා තංගල්ල ධීවර වරායෙන් මුහුදු ගොස් තිබුනා.

මුහුදේ පාවෙමින් තිබූ යම් බෝතලයක තිබූ දියරයක් මත්පැන් වර්ගයක් යැයි සිතා එම ධීවරයින් පානය කර තිබෙනවා.

ඉන් අසාධ්‍ය වූ ධීවරයින් පස් දෙනෙකුම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි නාවික හමුදාව පැවසුවේ.