Tuesday, July 2, 2024

General line - 0115112241

රුපියල් කෝටි දෙකක රත්‍රං කටුනායක ගුවන් තොටුපොළෙන් අල්ලයි

ටී කේ ජී කපිල




රුපියල් කෝටි දෙකක් පමණ වටිනා ස්වර්ණාභරණ සිය ගමන් මලු තුළ සගවා ගෙන “හරිත මාවත” ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටවීමට තැත් කළ ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ගුවන් තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින්. අදාළ සැකකරු දෝහා සිට කටාර් ගුවන් සේවයේ  QR - 654 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවයි නෙත් ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

සැකකරු විසින් රැගෙන ආ ගමන් මලු තුළ තිබී ග්‍රෑම් 995ක් බරැති රන් මාල දෙකක්, අත් පළදනාවක් සහ රන් මුද්දක් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු යාපනය ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙක්.

සැකකරු සම්බන්ධ වැඩිදුර විමර්ශන රේගු නිලධාරීන් විසින් සිදුකරන බවයි නෙත් ගුවන් තොටුපොළ වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.