Tuesday, July 2, 2024

General line - 0115112241

එල්.පී.එල් තරංගාවලියට ගාල්ල කණ්ඩායම සූදානම් 

නිරෝෂන් කොළඹ 




ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සමබන්ධයෙන් ගාල්ල මාර්වල්ස් කණ්ඩායම විශේෂ මාධ්‍ය සාකච්චාවක් කොලඹ දී පැවැත්වුවා.

ගාල්ල කණ්ඩායමේ පුහුණුකරු ග්‍රැහැම් ෆෝර්ඩ්, කණ්ඩායම් නායක නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමේ උප නායක මහේෂ් තීක්ෂණ  මෙහිදී අදහස් දැක්වූවා.

lpl  ක්‍රිකට්  තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ පස්වෙනි වරට මෙන්ම දැවැන්තම ලීග් තරගාවලිය වන්නේද මෙයයි

එම අවස්ථාවට කණ්ඩායමේ කළමණාකාරීතව්ය, පුහුණුකරුවන් සහ ක්‍රීඩකයින් එක්ව සිටියා

තරගාවලිය මගින් ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර අද්දැකීමක් හිමිවනු ඇතැයි ඔවුන් කියා සිටියා.

ජූලි 01 වැනිදා සිට 21 වැනිදා දක්වා ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය කණ්ඩායම් 05කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙනවා.