Friday, July 5, 2024

General line - 0115112241

ගෑස් අඩු වුනත් ආහාර මිල අඩු කරන්න බෑ කියයි




ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල අඩු කළද එම මිල අඩුවීමට සාපේක්ෂව ආහාර වර්ගවල මිල ගණන් අඩුකළ නොහැකි බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති හර්ෂණ රුක්ෂාන් පැවසුවේ ඉදිරියේදී විදුලි බිල අඩු කළහොත් එය ද සැලකිල්ලට ගනිමින් පාරිභෝගිකයින්ට සහනයක් ලබාදිය හැකි බවයි.  


ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට කිලෝ ග්‍රෑම් 12යි දශම 05 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩු කෙරුණා.

ඒ අනුව එම වර්ගයේ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 3,690ක් වනවා.

කිලෝග්‍රෑම් 05 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල අඩු කෙරුණේ රුපියල් 40කින් අඩු කෙරුණු අතර  කිලෝග්‍රෑම් 02යි දශම 03 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 18කින් අඩු කෙරුණා.