Tuesday, July 9, 2024

General line - 0115112241

අයිස් මත්ද්‍රව්‍ය සහ මත්කරල් ජාවාරම් කළ තරුණියක් STF අත්අඩංගුවට




අයිස් මත්ද්‍රව්‍ය හා මත්කරල් ජාවාරමේ යෙදී සිටි තරුණියක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, එම බලකායේ මොරටුව කඳවුරේ යතුරු පැදි කණ්ඩායමේ නිලධාරීන් කණ්ඩායමක් සහ පොලිස් ක්ෂණික විහිදුම් යතුරුපැදි කණ්ඩායමේ නිලධාරීන් කණ්ඩායමක් ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකදීයි.

මොරටුව, ලු‍නාව ප්‍රදේශයේ නිවසක සිදු කළ පරික්ෂාවකදී එම තරුණිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම නිවසේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 80ක් සහ මත්කරල් 500ක් සොයා ගත් බවද පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවා.

අත්අඩංගුවට ගත් එම තරුණිය වැඩිදුර විමර්ශන සඳහා මොරටුව පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.