Sunday, July 7, 2024

General line - 0115112241

රාවණා ඇල්ලේ දී තිරිංග ක්‍රියාත්මක නොවී සිදු වීමට ගිය විශාල අනතුරක් බේරාගැනීමට රියදුරු සමත් වෙයි




ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල ආසන්න ප්‍රදේශයේ දී සුඛෝපභෝගි බස් රථයක් මාර්ගයේ අසල ඇති කන්දක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

අද අලුයම බදුල්ල සිට මාකුඹුර දක්වා ධාවනය වූ බස් රථය අධික වංගු සහ ප්‍රපාතයක් ආසන්නයේ දී එක් වරම තිරිංග අක්‍රීය වී ඇති අතර සිදු වන්නට ගිය විශාල අනතුර ගැන වටහාගත් බස් රථයේ රියදුරු විසින් බස් රථය කන්දේ හැපීමට සලස්වා තිබේ.

එසේ සිදු නොකලානම් බස් රථය අධික ප්‍රපාතයකට පෙරලී ගොස් විශාල අනතුරක් සිදු වීමට ඉඩ තිබුන බවයි නෙත් නිවුස් වාර්තාකරු සදහන් කර සිටියේ.

අනතුර හේතුවෙන් බස් රථයේ රියදුරු තුවාල ලබා බදුල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් ඇල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.