Saturday, July 6, 2024

General line - 0115112241

ජෝ බයිඩ්න්ගේ අමෙරිකානු ජනපති සිහිනය අර්බුදයක




අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ යළි අමෙරිකානු ජනාධිපති පුටුවට තේරී පත් වීමේ සිහිනය අවදානමකට පත්ව තිබෙනවා.

ඒ, ඔහු ජනාධිපතිවරණයට තරඟ නොකළ යුතු බවට ජෝ බයිඩ්න් නියෝජනය කරන ඩිමොක්‍රටික් පක්ෂයෙන්ම විරෝධයක් මතු වෙමින් තිබියදීයි.

ඊට ආසන්නතම හේතුව වී ඇත්තේ ප්‍රතිවාදී අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සමග ඉකුත් දැ පැවති ජනාධිපතිවරණ විවාදය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

එහිදී ජෝ බයිඩ්න්, ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ප්‍රශ්නකිරීම් හමුවේ අසරණ වූ බවත් ඔහුගේ වයස සහ ශාරීරික දුබලතා ඊට හේතුව බවටත් ඩිමොක්‍රටික් පක්ෂයේ නම් දැරූ ඉහළ දේශපාලඥයින් මේ වන විට පවසා තිබෙනවා.

බයිඩ්න්ගේ වයස අවුරුදු 81ක්.

යම් හෙයකින් ඔහු අමෙරිකානු ජනාධිපති ධූරයට පත් වුවහොත් එම ධූරයට පත් වන වයස්ගතම තැනැත්තා ඔහු වනු ඇති.

එමෙන්ම එළඹෙන ජනාධිපතිවරණයේදී ට්‍රම්ප් පරාජය කිරීමට ජෝ බයිඩ්න් සූදානම් නොමැති බවටද ඇතැම් පිරිස් පවසනවා.

මේ හේතුවෙන් ජෝ බයිඩ්න් පීඩනයකට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔහුගේ මෙම අස්ථාවරත්වය තවදුරටත් පැවතියහොත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන් 25 දෙනෙකු, ජෝ බයිඩ්න් හට ජනාධිපතිවරණ සටනෙන් ඉවත් වන ලෙස ඉල්ලා සිටීමටයි සූදානම් වන්නේ.

කෙසේවෙතත් මේ වසරේ නොවැම්බර් මාසයේ පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් තරඟවැදීමට සූදානම් වන්නේ ජෝ බයිඩ්න්.