Saturday, July 6, 2024

General line - 0115112241

වැඩි වැටුප් ඉල්ලා ආයුර්වේද වෛද්‍යවරුනුත් සටනට




වැටුප් හා දීමනා ගැටලුවක් මුල් කර ගනිමින් ආයුර්වේද වෛද්‍යවරුන්ද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

අමතර සේවා පැය ගණන සහ ඊට අදාළ ගෙවීම් පිළිබඳව පැන නැගී ඇති ගැටලුවට මෙතෙක් විසඳුමක් ලැබී නොමැති බවයි රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ විධායක සභික වෛද්‍ය අජිත් උපශාන්ත පැවසුවේ. 


මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ග්‍රාම නිලධාරීන් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයද තවදුරටත් ක්‍රියාත්මකයි.