Saturday, July 6, 2024

General line - 0115112241

හරක් කටා ඇතුළු තිදෙනෙකුට එරෙහි නඩුව ජුලි මස 29 වනදා කැඳවීමට නියෝග

උදය කුමාර




අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටියදී පලායාමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජුලි මස 29 වනදා කැඳවන ලෙස කොළඹ මහාධකරණය නියම කළා.

ඒ, මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

එම අවස්ථාවේදී විත්තිකාර හරක් කටා දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් කර තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ විනිසුරුවරයා එම නඩුවේ වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ජූලි මස 29 වනදා පැවැත්වීමට දින නියම කළා.